28 Oct
28Oct

අඹගමුව ප‍්‍රාදේශිය සභාව  මස්කෙළිය, නොර්වුඩි සහ අඹගමුව වශයෙන් තුනකට වෙන් කිරීමේදී අතිබහුතර දමිළ ජනතාවක් සිටින මස්කෙළිය කොටිඨාසයට ශ්‍රී පාදස්ථානය අයත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව කන්ද උඩරට ප‍්‍රගතිශීලි ජනතා ව්‍යපාරයේ සභාපති හා හිටපු  අඹගමුව ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රයනන්දරාජ මහතා පැවැසීය.
ගිනිගත්හේන අභිනවාරාම විහාරස්ථානයේදි අඹගමුව ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශය කොටස් තුනකට කඩා වෙන් කිරිම සමිබන්ධයෙන් එම ප‍්‍රගතිශිලි ජනතා ව්‍යපාරයේ සාමාජිකයන් දැනුවත් කිරිම සදහා පැවති විශේෂ රැස්විමකදි හෙලපි‍්‍රයනන්දරාජ මහතා මේ බව කියා සිටියේය.
අඹගමුව ප‍්‍රදේශීය සභා බල සිමාවේ වෙසෙන සිංහල දමිළ මුස්ලිමි ජනතාව සැබෑ සංහිදියාවෙන් ජිවත් වන බවත් මෙසේ බල ප‍්‍රදේශ කඩා වෙන් කිරිමේදී සැබෑ සංහිදියාව විනාශ වි යන බවද හෙලපි‍්‍රයනන්දරාජ මහතා කියා සිටියේය.
පැරණි ගම්සභා ක‍්‍රමයට බල ප‍්‍රදේශ වෙන් කරන ලෙසත් හෙලපි‍්‍රයනන්දරාජ ඉල්ලා සිටියේය.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING