25 Jul
25Jul

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් විසින් රජයේ අමාත්‍යවරයෙකු හට. රුපියල් ලක්ෂ 116ක් ගෙවමින් කොළඹට ආසන්න ප‍්‍රදේශයක මහල් නිවසක් කුලී පදනම මත ලබා දී ඇති බව ද පසුව කුලී ගිිවිසුම අවසන් වීමෙන් පසු අදාළ නිවස තමන්ට යළි භාර දෙන ලෙස හෝ මිලදී ගන්නා ලෙස දේපළ වෙළඳාම් සමාගමේ අධ්‍යක්ෂවරිය අර්ජුන් ඇලෝසියස්ට දැනුම්දී තිබෙනවා.

එ් අනුව රුපියල් ලක්ෂ 1650කට අර්ජුන් ඇලෝසියස් විසින් අදාළ නිවස මිලදී ගෙන අමාත්‍යවරයාට ලබාදී ඇති බවයි අනාවරණ වුණේ.

ඒ, අදාළ මහල් නිවසේ හිමිකාරීත්වය දැරූ දේපළ වෙළදාම් සමාගමක අධ්‍යක්ෂවරියක් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකදීයි.

අදාළ දේපළ වෙළඳාම් සමාගමට මුදල් ලබාදී ඇත්තේ අර්ජුන් ඇලෝසියස් හිමිකාරීත්වය දැරූ පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග් සමාගම විසින්.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING