22 Jul
22Jul

ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

එහි සඳහන්වුයේ අමාත්‍යංශ දෙකක ඇමතිවරුන් දෙදෙනෙකුට ලක්ෂ 430 බැගින් වටිනා වාහන මිලදී ගැනීමක් සම්බන්ධවය.

රට දැඩි ණය බරක සිරවී සිටියදී තමන් පිට බදු පටවා එම ණය පියවීමට ආණ්ඩුව උත්සාහ දරන අතරේ දිගින් දිගටම සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව ජනතාව පවසති.

ඇමතිවරුන් මෙලෙස ලබාගන්නා වාහන බොහොමයක් BENZ, BMW, LANDCRUISER වැනි සුඛෝපභෝගී වාහන වන අතර ඇතැම් වාහන ක්‍රීඩා (Sports) මාදිලියේ ඒවා වීම ද විශේෂත්වයකි.

වසර 5 ට වරක් ඇමතිවරයෙකුට මෙවන් වාහන දෙකක් ලබාගැනීමේ හැකියාව පසුගිය ආණ්ඩුව සමයේ සිට දී තිබිණි.

මෙලෙසස ඇමතිවරුන්ට වාහන ලැබෙන්නේ ඔවුන්ට හිමි මන්ත්‍රී වාහන බල පත්‍රයට අමතරවය.

එම බලපත්‍රය ද විකුණා රුපියල් ලක්ෂ 200ට වැඩි ආදායමක් මන්ත්‍රීවරුන් ලබාගන්නා බවට චෝදනා එල්ලවී තිබේ.

එම බලපත්‍ර විකිණීම නීති විරෝධී බව පවසමින් නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට කරුණු ඉදිරිපත්කර ඇති අතර එය විකිණීමට හැකි බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ද පවසති.

"මන්ත්‍රීවරුන්ට බලපත්‍රය දෙන්නේ ඒගොල්ලන්ගේ ධුර කාලයේ කටයුතුවලට කියලා, නමුත් ඒගොල්ලෝ කරන්නේ මොකක්ද ඒක විකුණනවා, එකෙන් රටට බිලියන 7 ක ආදායමක් අහිමිවෙනවා, අමතරව ලක්ෂ 400ක් වටිනා වාහන ගන්නවා ඇමතිවරුන්, මොකක්ද මේ රට" නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු ප්‍රශන කරයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING