28 Jun
28Jun

දේශීය වෙළෙඳ‍පොළේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ අනුව ඉන්දුනීසියාව, තායිලන්තය හා පාකිස්තානය යන රටවලින් සහල් ආනයනය කිරීමට නියමිතව ඇත. ඊට අදාළ මිල ගණන් තම අමාත්‍යාංශය වෙත කඩිනමින් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා එම රටවල තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එම රටවල තානාපතිවරු සමග ඉකුත්දා අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රිෂාඩ් බදියුදීන් මහතා එම ඉල්ලීම කර ඇත.

ආනයනය කෙරෙන සහල්, විශේෂඥ කණ්ඩායමක් යටතේ පරීක්ෂා කර බලා සතොස හරහා කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING