28 Jul
28Jul

එම ඉඩම් ආපසු ලැබී ඇත්තේ යාපනයේ මයිලිට්‌ටි, කන්කසන්තුරේ, මුලතිව් පළාතේ කේපාපිලව්, තෝමරන් හා කිළිනොච්චියේ පරවිපංචාන් යන පළාත් වලිනි.

රජයේ හා ආරක්‍ෂක අංශ වල ප්‍රයෝජනයට ගෙන තිබුණු උතුරේ වැසියන්ට අයත් ඉඩම් අක්‌කර 705 ක්‌ ඒවායෙහි අයිතිකරුවන්ට බාරදීම පසුගිය සතිය තුළ ඒ ඒ පළාත්වල ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් සිදුවී තිබේ.
ඇතැම් පළාත්වල ඉඩම් ආපසු ලබාදීම උත්සවශ්‍රීයෙන් යුතුව සිදුවී ඇති අතර තවත් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් අදාළ ඉඩම් වෙත ගොස්‌ ඒවායෙහි අයිතිකරුවන්ට බාරදී තිබේ.
ඉඩම් ආපසු ලැබීමෙන් පසුව ඒවායෙහි අයිතිකරුවන් එදිනම සිය ඉඩම් එළිපෙහෙළි කොට වැට මායිම් යොදා ඉඩම් තහවුරු කළ අතර එම කටයුතු සඳහා රජයෙන් ඩෝසර් හා බැකෝ යන්ත්‍ර ද ලබාදී තිබිණි.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING