03 Jul
03Jul

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කොන් කර නොසලකා හැරීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පැහැදිලිවම සිදු කරන බවත් පසුගියදා ජනාධිපති මන්දිරයේ පවත්වන උමාඔය සාකච්ඡාවට හෝ තමන්ට ඇරැයුමක් නොකළ බවත් ඉදිරියට ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙසට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉස්මතු වී ඇති ගැටලුවෙන්. ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නයෙන් ලිස්සා යනවා.එහි මතුව ඇති ගැටලුවලට විසඳුමක් ලබා දෙන්න කල්වරන ප්‍රතිපත්තියකයි සිටින්නේ.

ඒ නිසා බණ්ඩාරවෙල ජනතාව තව තවත් ඉවසා සිටින්නට බැරිම තැන තමයි පසුගිය 28දා පාරට බැහැලා හර්තාලයක් කළේ.යනුවෙන්ද ඔහු සදහන් කර සිටියේය..


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING