13 Jul
13Jul

අනුරාධපුර කලත්තෑවේ පිහිටි ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකායේ අවි ගබඩාවේ තිබූ ගිනි අවි දෙකක් අතුරුදන් වී ඇත.හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ කඳවුරේ සේවය කළ නිලධාරීන්ගෙන් සහ සෙබළුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත් බවයි.

කලත්තෑවේ පිහිටි යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ අවි ගබඩාවෙන් ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කඳවුරේ නිලධාරියෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරිමක් සම්බන්ධයෙන් විමර්ෂණය සිදු කරද්දි මේ බව අනාවරනය වී ඇත.

අවි ගබඩාවේ දොරගුළු කඩා කිසියම් පුද්ගලයෙකු එම ගිණි අවි දෙක පැහැර ගෙන ගොස් ඇති බවයි දැනට සිදු කර ඇති විමර්ශනවල දී අනාවරණ වී ඇත.

කඳවුරේ නිලධාරියෙකු රාජකාරි කටයුතු සඳහා ගිනි අවි ලබා ගැනීමට ගබඩාව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ එහි දොරගුළු කඩා ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING