26 Nov
26Nov

අලෙවි කිරීමට සූදානම් කොර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් හසීෂ්  මත්ද්රව්ය කිලෝ 34ක් සමඟ  ධීවරයකු තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්රදේශයේදී මන්නාරම විශේෂ කාර්ය බළකාය හා මත්ද්රව්ය නාශක කාර්යංශය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට ගෙන්වන ලද හසීෂ් නැමති මෙම මත්ද්රව්ය තොගයක් අලෙවිකිරීම සඳහා ගැනුම්කරුවකු සොයන පුද්ගලයකු පිළිබද මන්නාරම මත්ද්රව්ය කාර්යංශය වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිස් උපායධූතයකු යොදවා සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය පවසයි.

සැකකරුගේ නිවසෙහි කාමරයක බැරලයක බහා මෙම තොගය සඟවා තිබී ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING