04 Oct
04Oct

නිවසක් තුල  රහසිගතව ගිනි අවි සහ  පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයකු මුලතිව්, පුදුකුඩිරිප්පු ,දේවිපුරම් ප්‍රදේශයේ දී   අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.

නිවසක් තුල  මහා පරිමාණයෙන් ගිනි අවි නිශ්පාදනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු දීර්ඝ කාළයක් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ගිනි අවි නිශ්පාදනය කිරීමේ අංශයේ සේවය කළ අයකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.

සැකකරුගේ නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කු තුනක් , බඳින තුවක්කු හතක් , තුවක්කු සෑදිමට ගන්නා බට 12ක්, ටි.56  මූණිස්සම් කිලෝ දහයක් , වෙඩි බෙහෙත් ග්‍රෑම් 500 ක් හා කියත් , අඬු හා තුවක්කු නිශ්පාදනයට ගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

බෙහෙත්කොටන තුවක්කුවක් රුපියල් 10000 මුදලකටත්, බඳින තුවක්කුවක් රුපියල් 5000 මුදලකටත් සැකකරු විවිධ පුද්ගලයින් වෙත අලෙවිකොට අති බව පොලිසිය පවසයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING