17 Jul
17Jul

මහවැලි ව්‍යාපාරයේ කොත්මලේ ජලාශයට යටවූ ගම්දනම් හා වෙහෙර විහාර වෙනුවෙන් ඉදිකළ කොත්මලේ මහවැලි මහ සෑය, පෞද්ගලික සමාගමක් යටතට ලබා ගැනීමට රජය කටයුතු කරන බව එම විහාරයේ භාරකාර විහාරාධිපති පුජ්‍ය තිස්පනේ ජිනාන්ද හිමියන් පැවසූහ.

මල්වතු මහා විහාරයේ ආශිර්වාද මත වර්ෂ 1983දී දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතා විසින් මෙම විහාරස්ථානය ආරම්භ කළ බවත් දේශපාලන හා පෞද්ගලික මත හේතුවෙන් වර්ෂ 1992 සිට වසර දහයක පමණ කාලයක් ඉදිකිරීම් අත්හිටුවූ විහාර භූමිය වල් වැදී තිබුණු බව මහනුවර දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය තිස්පනේ ජිනානන්ද හිමි පැවසූහ.


මහවැලි සංස්කෘතික පදනම් භාරය වෙත කැබිනට් පත්‍රිකාවකින් කොත්මලේ මහවැලි මහ සෑය පවර ගැනීමට උත්සහ කිරීම පිළීබදව මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණි.

එහිදි අදහස් දුක්වු මහා සංඝරත්කය මෙසේ ප්‍රකාශ කර සිටි සේක.

මෙහ ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කළා. සෙසු ඉදිකිරීම් සියල්ල සිදුකළා. නමුත් මෑතක සිට පාර්ලිමේන්තු පනතක් මගින් විහාරය පවරා ගැනීමට  මහවැලි සංස්කෘතික පදනම් භාරය කටයුතු කරනවා. එහි සභාපතීත්වය දරන්නේ අමාත්‍ය නවීන් දිසානායක මහතායි.


වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිරුන්ගේ ඔළුව මෑතක සිට නරක්වෙල දැයි අපට සිතෙනවා. පන්සල් පවරා ගැනීමට උත්සහ කරනවා. පිං කැට සීල් කරනවා. පන්සල්වල දේපොල අත්පත් කර ගැනීමට උත්සහ කරනවා. දඹුල්ල රජ මහ විහාරය, කන්දේ විහාරයට සිදුවූ තත්ත්වයක් කොත්මලේ මහවැලි මහ සෑයට සිදුවන්න දෙන්න එපා.


භික්ෂූන් වහන්සේ සදහා සාංඝිකව පූජා කළ දේ අත්පත් කර ගැනීමට උත්සහ කිරීම සුදුසු දෙයක් නොවන බවයි අපේ හැගීම. මල්වතු හා අස්ගිරි මහා විහාරවල ලිඛිත නියෝග පවා නොසලකා හරිමින් කටයුතු කරන බවයි අපිට පෙනී යන්නේ. කොත්මලේ මහවැලි මහ සෑයේ සංවර්ධන කටයුතුවලදී එහි විහාරාධිපති හිමියන්ට බාධාවකින් තොරව කටයුතු කර ගැනීමට අවස්ථාව සලසන ලෙස 2017.02.17 වන දින මල්වතු මහා නායක හිමියන් අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා. නමුත් ඒ දැනුම්දීම නොසලකා කටයුතු කරන බවයි අපිට පෙනී යන්නේ. රජයේ කීර්ති නාමය විනාශ කරන මැති ඇමතිවරුන් පිළිබද අවදානය යොමු කරන බව ජනාධිපති අගමැතිවරයාගෙන් අප ඉල්ලා සිටිනවා.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING