11 Aug
11Aug

කුරුණෑගල දුම්රිය ස්ථානයට අයත් රක්ෂිත ඉඩමක් රථ ගාලක් පවත්වාගෙන යාම සඳහා දේශපාලන හිතවතෙකුට ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව තිබේ.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා කියා සිටියේ කුරුණෑගල දුම්රිය ස්ථානයට අයත් රක්ෂිත ඉඩමේ එම දේශපාලන හිතවතා විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට රථගාලක් පවත්වාගෙන යන බවයි.

එම රථ ගාල පවත්වාගෙන යාම සඳහා ඔහුගෙන් මසකට අය කෙරෙන්නේ රුපියල් 30,000ක බදු මුදලක් පමණක් බව එස්.පී විතානගේ මහතා සඳහන් කළේය.

දේශපාලන හිතවත්කම් මත ලබාගත් දුම්රිය රක්ෂිත ඉඩම අදාළ පුද්ගලයා විසින් බදු කොන්දේසි පවා උල්ලංඝණය කරමින් අවිධිමත්ව පරිහරණය කරන බව හෙතෙම කියා සිටියි.

එමෙන්ම දුම්රිය මාර්ග නඩත්තු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කර තබාගන්නා අංගණය ද මොහු විසින් බලහත්කාරයෙන් මේ වන විට අත්පත්කරගෙන ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් කුරුණෑගල දුම්රිය ස්ථානාධිපතිවරයා, පොල්ගහවෙල දුම්රිය ආරක්ෂක අංශය සහ කුරුණෑගල අධීක්ෂණ කළමනාකරු විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ බලධාරීන් දැනුවත් කර ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව සඳහන්ය.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING