18 Aug
18Aug

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි හමුදා ජනපදය - Kilinochchi Cantonment ) සහ ආරක්‍ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ ඒකක විසින් භාවිත කරන ලද බිම්කොටස් පහකට අයත් අක්කර 2332 රූඩ් 01යි පර්චස් 25.2 ක භූමි ප්‍රමාණයක් නැවත රජයට භාර දීම ඊයේ (අගෝ 15) දින සිදුවිය.

ඒ අනුව, එම බිම කොටස් 05 අතුරෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය මෙතෙක් භාවිත කරන ලද බිම් ප්‍රමාණයෙන් අක්කර 2290ක් රුඩ් 03ක් සහ පර්චස් 17.6 ක ප්‍රමාණයක් මුලතිවූ දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් වනජීවී කාර්යාලයට භාර දී ඇති අතර, තවත් අක්කර 02යි රූඩ් 01 ක් සහ පර්චස් 17.6 ක ප්‍රමාණයක් කිලිනොච්චි දිස්ත්‍රික් වනජීවී කාර්යාලය වෙත ද, ඉතිරි බිම් කොටස් දෙකක් එනම් අක්කර 38 රූඩ් 01ක් සහ පර්චස් 05ක ප්‍රමාණයක් පෞද්ගලික හිමිකරුවන් වෙත භාරදීමට කන්දාවේලි ප්‍රාදේශීය ලේකම් වෙත භාරදී ඇත. ඉතිරි බිම් කොටස වන රූඩ් 03යි පර්චස් 25 භූමි ප්‍රමාණය කරච්චි ප්‍රාදේශීය ලේකම් වෙත භාර දී ඇත.

මෙයට පෙර අවස්ථා ගණනාවකදීම යුධ හමුදාව (ආරක්‍ෂක හමුදාවන්) භාවිත කරන ලද ඉඩම් නැවත රජයට මෙන්ම ඒවායේ මුල් හිමිකරුවන් වෙත ලබාදීම සිදු කර ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING