25 Aug
25Aug

කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්‍රියේ උට්ට්‍රපුලම් ප්‍රදේශයේ වෙළඳසැලක් ආසන්නයේ මොවුන් තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව තිබෙනවා.

පසුව බහින්බස්වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින් සිදු කළ කැපීම් හේතුවෙන් ඔවුන්ට බරපතල තුවාල සිදු වුණා.

අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පහර දීම දෙපිරිස අතර වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING