30 Aug
30Aug

30 වසරක කුරුරු යුද්ධයෙන් රට මුදාගෙන , මුලු රටෙහිම ජනතාවට සාමය උදා කළ ‍රණවිරුවන් සැමරීමට ඉදිකර ඇති උතුරු පළාතේ කිලිනොච්චිය නගරයේ රණවිරු ස්මාරකය ඉවත් කිරීමට පවතින සුදානමක් පිළිබදව වාර්තා වේ.

කිලිනොච්චිය දිසා ලේකම්වරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සංදේශයක් යවමින් ඉල්ලා ඇත්තේ කිලිනොච්චියේ ඉදිකර ඇති මියගිය රණවිරුවන් සැමරීමේ ස්‌මාරකය වහාම ඉවත් කරන ලෙසයි.

කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසින්ද රණවිරු ස්මාරකය ඉවත් කළ යුතු යැයි යෝජනාවක් සම්මත කරගෙන ඇත.

මෙම සම්බන්ධීකරණ රැස්‌වීමේදී වැඩිදුරටත් කරුණු දක්‌වා ඇති ශ්‍රීධරන් මන්ත්‍රීවරයා රජයේ හමුදාව කිලිනොච්චියේ සංවර්ධනයට බාධා පමුණුවන බවද ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් කිලිනොච්චි රණවිරුවන් සැමරීමේ ස්‌මාරකය සංහිඳියාවට බාධාවක්‌ බවද දිසා ලේකම්වරයා ජනපතිට යැවූ ලිපියේ සඳහන් කර ඇති අතර එය දේශපාලන විචාරකයන්ගේ අවදානයට ලක්ව ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING