08 Jul
08Jul

ජූලි 4 වැනිදා කෝප් කාරකසභාවට කැදවනු ලැබූ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලක්ෂමන් දිසානායක මහාචාර්යවරයා තම විශ්ව විද්‍යාලය ලාභ ලබන ආයතනයක් බවට පත්කරනු පිනිස ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරිමේ යෝජනාවට එකග බව ප්‍රකාශ කර ඇත.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වගකීමෙන් ඉවත් කරන්නට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේදී (COPE) හෙළිවේ.


අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබද උප කමිටුව විසින් පත් කළ උසස් අධ්‍යාපන උප කමිටුවේ පසුගිය මැයි 12 සහ 19 දිනවල පැවති එම සභාවාරවලදී එම යෝජනාව සාකච්ඡාවට ලක් කරන ලදී. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ‘උපාධි ප්‍රදානය කරන පෞද්ගලික ආයතන පිළිබද අංශයේ‘ නිලධාරින්ද සහභාගි වූ මෙම සභාවට පේරාදෙණි විශ්ව විද්‍යාලෙයන් නියෝජනයක් නොවුනු නමුත් නෙකාළඹ විශ්වවිද්‍යාලයේ නියෝජිතයා එම යෝජනාවට එකගතාව පළ කර තිබිණි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING