27 Jan
27Jan

වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය.

ඒවා කළ අය මෙන්ම ඊට සහාය දුන් සහ එය දැක දැකත් බලා සිටි අය සම්බන්ධයෙන් රටක් ලෙස කෙසේ සිතිය යුතු ද යන්න කල්පනා කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

තමාගේ හෙට දවස ගැන නොසිතා මේවාට විරුද්ධවීමට සිදුවී තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.

තමා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපතිවරයා කීවේය.

තමා දේශපාලන ජීවියකු බවත්, තමාගේ පණ තිබෙන තෙක් දේශපාලනයේ සිටින බවත් කී ජනාධිපතිවරයා, තමාට තනතුරු තිබුණත් නැතත් නිල කාලයෙන් පසුව ද දේශපාලනය කරන බව සඳහන් කළේය. තමාගේ පණ සහ ලේ හැදී තිබෙන්නේ දේශපාලනයත් සමග යැයි ද ජනාධිපතිවරයා පැවැසීය.

පසුගිය වසර තුනේ රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් පුද්ගලික සමාගම්වලට ගොස් ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

රජයට සම්බන්ධව සිටි සහ හිටපු සමහර අයගේ ඡන්ද ව්‍යාපාරවලට මෙම මුදල් ගොස් ඇති බවත්, අවුරුදු තුන තුළ මෙම මුදල් ඉතා සූක්ෂ්ම ලෙස ගොස් ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING