26 Nov
26Nov

ජේ.85 නාවන්තුරෙයි උතුර ග්‍රාමසේවා වසමට අයත් මා්ගයක කුණු කානවකට අදාල අයුධ පොහොර උරයක දමා අද අළුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් දමා ගොස් තිබියදී ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාල යුද උපකරණ තොගය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ගොඩට ගෙන ඇත.
යාපනය වඩුක්කොඩ්ඩෙයි මාර්ගයේ නාවන්තුරෙයි ප්‍රදේශයේදී මාර්ගයේ කුණු කානුවක දමා ගොස් තිබූ යුද උපකරණ රැසක් අඩංගු පොහොර උරයක් අද උදෑසන හමු වී ඇති බවට යාපනය පොලීසීය කියා සිටියේය.
අදාල පොහොර උරයේ තිබී ටී.56 ගිනි අවි 10 ක් ,ටී.56 පතුරම් 300 ක්, මැගසින් 6ක්, ජී.පී.වර්ගයේ අත්බොම්බ 02ක්, දුම්බෝම්බ 02 ක්, ඇතුලු තවත් යුද උපකරණ තොගයක් හමු වී ඇත.




Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING