13 Jul
13Jul

ආයෝජන මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපුල් ජයසුරිය මහතා සඳහන් කළේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම්වරයා වෙත භාරදුන් බවත් පුද්ගලික හේතුන් මත තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත්ය.

ඉල්ලා අස්වීමේ ලිපිය සමග නිල රථයද බාරදුන් බවත් තමන් රාජකාරි කටයුතු කළ කාලයේදී යම් යම් තීරණ ගැනීමේදී බලපෑම් එල්ලවූ බවත් පෙන්වා දුන් ජයසූරිය මහතා තම රාජකාරිවලට බාධා පැමිණුනු බවත් සිතට එකඟව කටයුතු කිරීමේ අපහසුතාව මෙම තීරණයට බලපෑ බව අවධාරණය කළේය.

කෙසේ වෙතත් ඇතැම් තීරණ ගැනීමේදී හා ක්‍රියාමාර්ග ගැනීමේදී ස්වාධීනව ක්‍රියා කිරීමට හැකිවූ බවත් රාජකාරි කළ කාලය තුළදී විෂය බාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ජනාධිපතිවරයා යන අය විසින් ලබාදුන් සහයෝගයට ස්තූතිය පළකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිඥ උපුල් ජයසූරිය මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වේ.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING