06 Jul
06Jul

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායකහිමිවරුන්ගේ ප්‍රකාශය ගැන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තීරණය කුමක්දැයි වහාම රටට ප්‍රකාශ කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහාත අද(05) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.


යුද්ධ නිමාකළ රටක ඉදිරි ගමනට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන අතර සාමය සංවර්ධනය ආදී සියලු ක්ෂේත්‍රයන්හි ඉදිරිගමනත් ඒතුළින් ළඟාකරගත හැකි බවද හෙතෙම පැවසීය.


එමෙන්ම මහා නායක හිමිවරුන්ට දෙමළ ජාතික සන්ධානය සදා ගෞරව කරන අතර උන්වහන්සේලාගේ ප්‍රකාශය පිළිබඳව යළිත් වරයක් සිතා බලන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කීවේය.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING