23 Aug
23Aug

මවගේ කැමැත්තට අනුව ගර්භනීභාවය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.

ඒ අනුව ඉපදෙන්නට සිටින දරුවා මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන්නේ නම් හෝ අතවරයකට ලක්වීමෙන් දරුවකු පිළිසිඳ ගෙන සිටින්නේ නම්  මවගේ කැමැත්තට අනුව ගර්භනීභාවය අවසන් කිරීමට අවස්ථාව හිමිවෙයි.

කෙසේ වෙතත් මෙය නීතියක් බවට පත් වූ පමණින්ම මවුවරුන්ගේ ගර්භනීභාවය අවසන් නොකරන බවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය ඇතිව රජයේ රෝහලක දී පමණක් ගර්භිණීභාවය අවසන් කරන බවත් ඒ මහතා පවසයි.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පනතක් බවට පත් කළ යුතු අතර, එම වැඩපිළිවෙළ ඉදිරි කාලය තුළ දී සිදු කෙරෙන බවත් මේ කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණ ද එය අවභාවිතයේ යෙදීමට කිසිදු අවස්ථාවක අනුමැතියක් ලබා නොදෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.

මවුවරුන්ගේ ප්‍රසූතිය පහසු කරවීම ඔවුන්ගේ මානව අයිතියක් ආරක්ෂා කිරීමක් බවත් ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, වේදනාවෙන් තොර ප්‍රසූතියක් සඳහා අවශ්‍ය ඖෂධ ලබාදීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකි බවත් ඔහු පැවැසුවේය.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING