25 Sep
25Sep

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුව මහතා අද එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යටතේ පවතින ආයතනයක තවදුරටත් කටයුතු කළ නොහැකි නිසා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කළ බව තුසිත හල්ලොළුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබේ.

දුමින්ද දිසානායක මහතා යහපාලනයට වින කරන බලවේගවල ග්‍රහණයට හසුවී තිබෙන අතර ඔහු අගාධයෙන් ගොඩවීම වෙනුවට තව තවත් අගාධයේ පතුළ දෙසටම ගමන් කරමින් සිටින බව ද හල්ලොළුව මහතා කෘෂිකර්ම ඇමැතිවරයා වෙත යවා ඇති ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING