21 Jul
21Jul

බස්නාහිර පළාත් පාලන ආයතනය රාජ්‍ය සේවය වෙනුවෙන් අනියම් කම්කරු තනතුරු සඳහා එවකට සභාවේ සිටි නාගරික මන්ත්‍රීවරුන්‌ගේ නිර්දේශයෙන් තමන්ට මෙම පත්වීම් ලබා කොළඹ නගරයේ කැළි කසළ බැහැර කරලීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අනියම් පදනම මත බදවා ගෙන ඇති කම්කරුවන් 50 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අවසන් කර ඇති බවට එම සේවකයෝ චෝදනා කරති.

රුපියල් 555.93 ක දෛනික වැටුප් පදනම මත බඳවා ගත් මෙම කම්කරුවන් දේශපාලන බලපෑම මත ඉවත් කොාට දෛනික වැටුප රු 1200.00 මුදුලකට දේශපාලන පත් වීම ලබා දිමට කටයුතු කර ඇති බව වාර්ථා වෙයි.

ආණ්ඩුවට සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හා එජාප හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ වුවමනාව මත මෙම අසාධාරණය සිදු වී ඇතැයි ද මේ වන විටත් මෙම දේශපාලඥයන් දෙදෙනාගේ මැදිහත් වීම මත කොන්ත්‍රාත් පදනම මත පිරිසක් බඳවා ගෙන ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING