11 Jul
11Jul

සුළු දේශපාලන පක්ෂ හතරක් විසින් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

දෙමළ ප්‍රගතශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඊ.පී.ඩී.පී පක්ෂය එක්ව මෙකී යෝජනාව ඉදිරිපත් කළ බව දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක රාජ්‍ය භාෂා ජාතික සංවාද හා සහජීවන අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

මෙම යෝජනාව නව ව්‍යවස්ථාවට ඇතුළත්  කර ගැනීම තුළින් සුළු ජනතාවට සිය අර්බුද ඍජුව ප්‍රකාශ කළ හැකි බවත් මෙ තුළින් සුළු ජන නායකයින්ටද ජනතා ගැටළු වලින් මිදී යා නොහැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

මෙරට වෙසෙන දෙමළ මුස්ලිම් ජනතාවගේ අර්බුද වලට දේශපාලන වශයෙන් විසදුම් ලබාගැනීමට මෙම උප ජනාධිපති ධූරයක් ඇතිකරලීම වැදගත් බවත් පාර්ලිමේන්තු ධූර කාලය සැලකිල්ලට ගනිමින් මෙකී උප ජනාධිපති ධූරය සුළු ජන කොට්ඨාස කාලයෙන් කාලයට බෙදාගනිමින්  දැරිය හැකි වන  ආකාරයට නව ව්‍යවස්ථාව සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කර සිටියේය.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING