18 Sep
18Sep

මේ වන විට ආයතන පහකට පර්යේෂණාගාර ඉදිකර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ ස්‌ථාන වෙන් කරදී ඇති අතර එක්‌ ආයතනයක්‌ සිය පර්යේෂණාගාරය ඉදි කිරීමට සූදානම් වන්නේ සිසුන්ගේ දේශන ශාලාවකින් කොටසක යෑයි ද ආචාර්යවරු පෙන්වා දෙති. මෙලෙස ඉදි කෙරෙන සහ ඉදිකර ඇති පර්යේෂණාගාරවලට එම ආයතනයේ පූර්ව අවසරයකින් තොරව සිසුන්ට පවා ඇතුළු වීමට නොහැකි යෑයි ද එමගින් අහෝසි වෙමින් පවතින්නේ විශ්වවිද්‍යාලයේ නිදහස යෑයි ද ඔවුහු තවදුරටත් සඳහන් කරති.


ඇතැම් ආයතන සමඟ විශ්වවිද්‍යාලය ඇති කර ගෙන ඇති ගිවිසුම් විශ්වවිද්‍යාලයේ බුද්ධිමය දේපළ අයිතියට ද බලපාන හෙයින් ඊට එරෙහි වූ අදාළ කමිටුවක සභාපතිවරයකු ඉවත් කිරීමට ද පරිපාලන අංශ පියවර ගෙන තිබේ. එම කමිටුවට වෙනත් සභාපතිවරයකු පත් කර එම ගිවිසුම එලෙසින්ම ක්‍රියාත්මක කෙරෙන බවත් ආචාර්යවරු ප්‍රකාශ කරති.


මේ සම්බන්ධයෙන් උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පවසන්නේ පර්යේෂණ කටයුතු සඳහා වන සියලු වියදම් පෞද්ගලික ආයතන දරන බවත් එම ක්‍රියාවලිය තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බවයි.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING