03 Aug
03Aug

කාන්තාවක් විසින් ගල්කිරියාගම ප‍්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් ගම්වැසියන් විසින් වටලා පොලීසියට අල්ලා දී තිබේ. එම ස්ථානය පරිපාලනය කළ කාන්තාව හා සේවකයන් 07 දෙනෙකු සහ ගෝඩා බැරල් 62ක්, සීනි, ඩිසියල් දඟර, ගෑස් උදුන් හා ගෑස් සිලින්ඩර ආදී උපකරණ රැසක් ගම්මුන් විසින් පොලීසියට අල්ලා දී ඇත.විශාල ඉඩමක් මාසික කුලී පදනම මත ලබාගෙන එළවළු වගා කරන මුවාවෙන් මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබේ.ප‍්‍රදේශවාසීන්ට මෙම ස්ථානයට ඇතුළ වීම තහනම් කර තිබුණු අතර එහි හැටන් ළිඳුල ප‍්‍රදේශයෙන් පැමිණි කම්කරුවන් පිරිසක් සේවය කර ඇත.මෙම ස්ථානය පවත්වාගෙන යාම සිදුකර ඇත්තේ ජාඇල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක් විසිනි. එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING