17 Sep
17Sep

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධාන ගතවීමේ ගිවිසුම් අත්සන් කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ හා සංවිධාන  14 ක් මෙසේ ගිවිසුම අත්සන් කරන බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නායකත්වය චමල් රාජපක්ෂ මහතාට බාරදීමට එහි පක්ෂ නායකයෝ තීරණය කර ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING