01 Aug
01Aug

යාපනය කෝපායි ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙත සිදුකළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවත් මෙම කල්ලියට නායකත්වය සපයන්නේ හිටපු කොටි සාමාජිකයෙකු බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතායාපනයේදී පැවසීය.


යාපනය කොක්කඩි කෝපායි මාර්ගයේ නන්දාවිල් කෝවිල අසලදී පැමිණිලි විභාගයට ගිය පොලිස් නිලධාරීන් දෙදෛනෙකුට  යතුරු පැදි හතරකින් පැමිණි මැර කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් ද වාර්තා විය.


එම සිද්ධියත් සමග යාපනයේ හදිසි සංචාරයක යෙදුනු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යාපනය මූලස්ථාන පොලිසියේ කැඳවූ මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.


පහර දීමට හය දෙනකු සම්බන්ධ බවට හඳුනාගෙන ඇතැයි ද පොලිස්පතිවරයා කීවේය.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING