17 Jul
17Jul

“පොලිස් බලතල ලබාගැනීමට අපගේ තරුණ තරුණයින් පොලිස් සේවයට බැඳිය යුතුය. පොලිස් සේවයට අපගේ තරුණ තරුණයින් බැදුණහොත්, අපගේ ප්‍රදේශයට පොලිස් බලතල ලබගැනීමට හැකිය.අපගේ තරුණ තරුණයින් එයට උනන්දුවිය යුතුය” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සහ උතුරු පළාතේ පොලිස් නිළධාරින් අතර සාකච්ජාවක් කඩිතඩිහි පිහිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී අදහස් දැක්වූ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“යුද්ධය පැවැති කාලයේදී පොලීසියට එරෙහි කටයුතු සිදුවී ඇත.නමුත්, යුද්ධයෙන් පසු අපේ තරුණයින් පොලිස් බලතල ක්‍රියාත්මක කළ යුතු ස්ථානයට පැමිණිය යුතුය. එය සිදුවන විට, වත්මන් පොලිස් නිලධාරීන් දකුණට සෙමින් සෙමින් ගමන් කරයි. තරුණ තරුණියන් සම්බන්ධ කරගැනීම සඳහා ඉල්ලුම්පත් සකස් කර ඇත. රැකියා පුරප්පාඩු 500ක් ඇති අතර, උපාධිධාරීන් උසස් මට්ටමේ තනතුරු ලබාගත යුතුය” යනුවෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING