29 Jun
29Jun

මෙතෙක් ශ්‍රි ලංකාවේ නොවු තරමට හේතු සාධක නොමැතිව භික්ෂුන් වහන්සේලා විවේචනය කිරිමත්,භික්ෂුන්ට චෝදනා එල්ල කිරිමත්,සංඝ මුලාස්ථාන වලට  අපහස කිරිමත්,සාසනික දේපල ජනසතු කර ගැනිමටත්.අන්ථවාදි සංවිධාන සහ ඇතැම් දේශපාලන සංවිධාන කටයුතු කිරිමත් දැඩැ ලෙස හෙලා දකින බවටත් සියම් මහා නිකායේ කොට්ටේ ශ්‍රී කල්‍යාණි ශ්‍රී සාමග්‍රිධර්ම මහා සංඝ සභාව අවධාරණය කරයි..

මෙහිදි ශ්‍රී කල්‍යාණි ශ්‍රී සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන අනුසාසක අතිපුජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන්ගේ අත්සනින් යුතු මෙම ලිපියෙන් පෙනව දී ඇත්තේ වර්ථමාන ආණ්ඩු පාලනය තුලදී බුදු දහමට නින්දා අපහස කරමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කරන ලද ඇතැම් ප්‍රකාශ දැඩි ලෙස විවේචනය කරන අතර යහපාලනය තුලින් ඇතැම් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අපහස කිරිම තමන් කිසිසේත් අනුමත නොකරන බවට එම ලිපියේ දක්වා ඇත.

වසර 2500ක ඉතිහාසයක් ඇති බෞද්ධ ඉතිහාසයක් ඇති බෞද්ධ දර්ශණය මෙම කාලය තුලදි ඉතා පහත් ආකාරයේ ගරා වැටිමක් කරා ඇදගෙන බවද ඊට මෙම පාලනය මැදිහත් නොවි අන්තවාදි කණ්ඩායම් වල අදහසට පමණක් මුල් තැන දීම තුල බෞද්ධ රටක අනාගතය අදුරු මට්ටමකට ඇදයාගේ වගකිම මෙම රජය භාරගත යුතු බවටද එම ලිපියෙහි දක්වා ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING