03 Jul
03Jul

යාපනය දිස්ත්‍රිකයේ මයිලඩි ධිවර වරාය (Myladi Fisheries Harbour) සහ තවත් ආරක්‍ෂක හමුදාවන් විසින් භාවිතා කරන ලද අක්කර 54ක භුමි ප්‍රදේශයක්  අද ( 03) මහජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට යාපන ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


පසුගිය අප්‍රියල් මාසයේ ද අවතැන්වූ ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා යාපනය ඌරනි ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදා විසින් භාවිත කරන ලද අක්කර 35ක භුමි ප්‍රදේශයක් නිදහස් කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING