15 Sep
15Sep

ආණ්ඩුව මේ වනවිට හිර වී සිටින ණය උගුලෙන් බේරීම සඳහා මහනුවර නගරයේ ඓතිහාසික ස්ථාන රැසක් හා ව්‍යාපාරික ආයෝජන සඳහා ඉඩම් ලබා දීමට ශ්‍රී ලංකා රජය සහ ජපාන සමාගමක් අතර එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම කරුණු තහවුරු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ  මහනුවර පැවති රැස්වීමක් අමතමින් චීන සමාගමකට හම්බන්තොට වරාය දීමෙන් ණය බර විශාල වශයෙන් අඩු වූ බවත් මහනුවර නගරයේද ඒ ආකාරයේ හවුල් ව්‍යාපාර ඇරඹීම සඳහා ජපානය මේ වනවිටත් කැමැත්ත පළ කර ඇති බවත් කියා සිටියේ ය.

මහනුවර නගරයේ ඓතිහාසික ස්ථාන සංවර්ධන සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා ජපානයට පැවරීම පිළිබඳ කිසිවක් එහිදී ප්‍රකාශ කර නැත. එහෙත් මහනුවර කෞතුකාගාරයත් අම්බැක්කේ දේවාලයත් ජපාන සමාගමකට පැවරීමට මේ වනවිටත් එකඟ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගයක් සඳහන් කරයි.

මහනුවර තැපැල් කාර්යාලය විකිනීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව කටයුතු කරමින් සිටන බව පසුගියදා අනාවරණය විය.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING