11 Aug
11Aug

දේශීය අදායම් බදු පනත් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නියෝග අනුව එහි ඇතැම් වගන්ති ඉවත් කළද මෙම පනත සම්මත වුවහොත් මතෛක් බදු නොගෙවූ පූජනීය ස්ථාන මෙන්ම සුළු ව්‍යාපාරිකයාටත් විශාල බදු මුදල් ගෙවන්නට ඉදිරියේදි සිදු වන බව හෙළිදරවි වෙයි.මහින්ද රාජපක්ෂ රජයේ 2006 අංක 10 දරන දේශීය ආදායම් බදු පනතේ තුන්වන පරිච්ජේදය පිටු 44කින් යුතුව මෙරටේ සුළු ව්‍යාපරිකයන් ඇතැම් කේෂ්ත්‍ර 13ක පුද්ගලයන් බදු සහන හෝ බදු නිදහස ලබා දී තිබූ බව සිහිපත්  මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බදු පනතේ එම ජේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවද සඳහන් කළේය.1815 මාර්තු 05 දිනට පෙර රාජකීය ප්‍රදානයක් ලෙස සැලකූ ආගමික සිද්ධස්ථාන සියල්ල බද්දෙන් නිදහස් කිරීමට මතෛක් පැවැති රජයක් කටයුතු කර තිබුණද මෙවර පනතින් එම සියලු සිද්ධස්ථානද බද්දට වෙන් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරන්නේය.මේ සම්බන්ධයෙන් මෙරටේ සියලු ආගමික නායකයන් හා වෘත්තිකයන් සියලු දෙනා අවබෝධයෙන් යුතුව දේශීය ආදායම් බදු පනත නැවත සංශෝධනය කර ගැනීම සඳහා බලපෑම් කළ යුතු බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සිහිපත් කළේය.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING