25 Jul
25Jul

මහින්ද රාජපක්ෂ මහතා මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වෙත විශේෂ ලිපියක් යොමු කරන බවයි ඉන් පෙන්වා දෙන්නේ.

රණවිරු දඩයම සම්බන්ධයෙන් විදෙස් බලවතුන්ට කේන්ද්‍රීය කාර්ය භාරයක් පැවරීම සඳහා නව නීති හා ආයතන සථාපිත කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පිළිබඳවයි ඉන් දැනුවත් කර ඇත්තේ.

2017 අංක 09 දරණ අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ සංශෝධන පනත සම්බන්ධයෙන් මහා නාහිමවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය අවධානය යොමු කල යුතු බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන්ගේ ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් හෝ ඔවුන් පලකරන වාර්ථාවක් සම්බන්ධයෙන් සිවිල් හා අපරාධ නඩු පැවරිය නොහැකි ආකාරයට පනතේ 25 වන වගනත්තිය යටතේ සම්පූර්ණ මුක්ත භාවය ලබාදී ඇති අතර අතුරුදහන් වූවන්ගේ කාර්යාලය කරන කිසිවක් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 126 හා 140 යන වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන නඩුවකින් මිස වෙනත් කිසිදු උසාවියක අභියෝගයට ලක් කල නොහැකි වනවා.

නමුත් පනතේ 15 වන වගත්නියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට වුවත් තොරතුරු හෙළි නොකර සිටීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ඇති බලය නිසා මෙම කාර්යාලයේ කටයුතු වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමෙන්වත් පලක් නැති බවයි ඉන් පෙන්වා දෙන්නේ.




Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING