18 Jul
18Jul

තොටමුල්ල කුණු කන්ද සමතලා කිරීමට යැයි පවසමින් කොළඹ නගර සභා ප්‍රධානීන් පිරිසක් රුපියල් කෝටි ගණනක මුදලක් පිල්ලි ගසා ඇතැයි හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා චෝදනා කරයි.

මේ පිළිබඳ සියළු තොරතුරු වාර්තා තමන් සතුව පවතින බව කියන කහඳගම මහතා මේ ලිපිගොනු සියල්ල ලබන සතියේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට හා අනෙකුත් විමර්ශන අංශවලටත් බාරදෙන බව ප්‍රකාශ කර ඇත.

කුණු කන්ද සමතලා කිරීමට යැයි පවසමින් නගර සභා ප්‍රධානීන් පිරිසක් රුපියල් කෝටි 2ක තුන වරින් වර ලබා ගෙන ඒ මුදල් පිල්ලි ගසා ඇතැයි ද කහඳගම මහතා පවසයි.

මේ තත්වය යටතේ මීතොටමුල්ල ඛේදවාචකයට මේ නිලධාරීන් ඍජුවම වගකිවයුතු හෙයින් ඔවුන්ට මිනීමැරීමේ චෝදනාව යටතේ දඬුවම් කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර මීතොටමුල්ලේ කුණු කන්දේ දුර්ගන්ධය පාලනය කිරීම සඳහා නුගේගොඩ වීදුරු විකිණීමේ ආයතනයකින් රසායන ද්‍රව්‍ය මිල දී ගත් බවට තොරතුරු සඳහන් කර ගෙවීම් කර ඇතත් එවැනි ආයතනයක් නොමැති බවට පසුව තොරතුරු අනාවරණය විනැයි ද මහින්ද කහඳගම මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සිව් දෙනෙකු අනුමත කරන බවට අදාළ ලියකියවිලිවල සටහන් යොදා ඇතත් එවැනි කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවුණු බවට ඒ මහාචාර්යවරුන් සිව් දෙනාම ලිඛිතව දැනුම් දී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

මීතොටමුල්ල කුණු කන්ද පහත් කිරීමට 2012 – 2013 අතර කාලයේදී යුධ හමුදාව යෙදවූ යන්ත්‍ර වෙනුවට නගර සභාව ඉන්ධන වියදම් පමණක් ගෙවූ බවත් ඊට පසුව 2014 දී ඒ යන්ත්‍ර ඉවත් කර ගැනීම නිසා නගර සභාවට කුලී ගාස්තු ගෙවීමට සිදු වූ බවත් කී අනුර මහතා ඒ වියදම් ද ඉතා අඩු මට්ටමින් පවත්වාගෙන ගිය බව සඳහන් කළේය.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING