20 Dec
20Dec

මෙවර පළාත් පාලන මැතිවරණයේදි දැඩි තරගකාත්වයක් පවතින කොලොන්නාව  නගර සභාව සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශි්‍ය සභා බල ප්‍රදේශ තුල වත්මන් බලය ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානය යටතේය.මීන් පෙර මැතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතා යටතේ තරග කල කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය බලය දිනා සිටියේ වත්මන් සභාපති වන ප්‍රසන්න සෝලංගආරච්චි යටතේය.
කෙසේ වෙතත් 2015 ජනාධිපතිවරණයේදි මහින්ද ප්‍රාර්ශවය අතහැර මෛත්‍රීපාල ප්‍රර්ශවය දිනවන්නට සිය දේශපාලන ගමන වෙනස් කල සෝලංගආරච්චි වත්මන් යහපාලනය යටතේ ශ්‍රි.ල.නි.ප කොලොන්නාව ප්‍රධාන සංවිධායක තනතුරට පත් විය..
මේ නිසාවෙන් ඔහු යටතේ නායක්වය දරණ කොලොන්නාව බල ප්‍රදේශයේ බලය රැක ගැනිමට ඔහු විසින් අනුගමනය කරන ප්‍රචාරණ කටයුතු සදහා ඔහු ඇති පදමට මුදල් වියදම් කරමින් ගමේ තරුණ ප්‍රජාවන් අතර පිරිස් බලය දැඩිව ඇති සමාජයේ පුද්ගලයින් සිය මැතිවරණ කටයුතු වලට යොදා ගන්නේ රු ලක්ෂ දෙකක් මුදලක් වැය කරමිනි.මේ නිසාවෙන් කොලොන්නාව ආසනයට තරග වදින සෙසු අපෙක්ෂකයන්ට එවන් මුදලට විකිණෙන සමාජගත පුද්ගලයින්ගෙන් සිදුවන අකටයුතු කම් අපමණය.ආණ්ඩු බලය තමා සන්තකයේ ඇති නිසාවෙන් ආණ්ඩු බලයද මුදල් බලයද වැය කර ප්‍රසන්න සෝලාංග ආරච්චි මේ සිදු කරන්නේ මැතිවණ ප්‍රචාරණයක් නොවන බව අපට වාර්ථා වෙයි..

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING