07 Jul
07Jul

මානව අයිතිවාසිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් මහතා ජුලි මස 10 සිට 14 දක්වා ශ්‍රී ලංකවේ නිල සංචාරයක යෙදෙනු ඇති බව වාර්තා වෙයි.

ත්‍රස්තවාදය පිටු දැකීමේ කටයුතු පිළිබඳ ක්ෂේත්‍රයන්හි මුල පිරුම් සහ ඒවා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනයට සහ ආරක්ෂා කිරීමට බලපාන ආකාරය ගැන තමා විසින්ම තොරතුරු රැස් කිරීමට මෙම සංචාරයෙන් බලාපොරොත්තු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මේ අතර ත්‍රස්තවාදය පියු දැකිමේ ප්‍රතිපත්ති සහ නීති රාමුව අදාළ ව්‍යවස්ථා පනත් සකස් කිරීමට සහ කෙටුම්පත් කිරීමට ආණ්ඩුව විසින් ගනු ලබන පියවර අන්තර්ජාතික මානව අයිතිවාසිකම් නීතියට අනුකූල බව සහතික කිරීමේ අදහසින් රට තුළ පවතින සාකච්ඡා සඳහා සහය ලබා දෙන බව ද එමර්සන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු ලංකාවේ ගත කරන කාලය තුළ විදේශ කටයුතු, නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධනය, අධිකරණ, ආරක්ෂාව, මුදල්, මාධ්‍ය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ඇතුළු රජයේ නියෝජිතයින් සමඟ ඉහළ මට්ටමේ රැස්වීම් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වෙයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING