27 Aug
27Aug

කිලිනොච්චිය පලෙයි , මුහමාලේ ප‍්‍රදේශයේ අබිලි යකඩ අතර තිබූ මෝටාර් උණ්ඩයක් පුපුරායාමෙන් මවක සහ දියණියක තුවාල  ලබා රෝහල් ගතකොට ඇතැයි පලෙයි පොලිසිය කියයි.

තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා මුහමාලේ ප‍්‍රදේශයේ අබිලි යකඩ එකතුකර අලෙවි කරන්නන් බවත් මුහමාලේ බිම්බෝම්බ ඉවත් නොකළ කැළෑ ප‍්‍රදේශයේ තිබී ඊයේ (25)  සවස යකඩ කැබලි තොගයක් නිවසට ගෙනවිත් ඇති බවත් ඔවුන් දෙදෙනා විසින් එලෙස රැගෙන ආ යකඩ කැබලි තොගයේ තිබූ මෝටාර් උණ්ඩය  පරීක්ෂා කිරිමේදී එය පුපුරාගොස් ඇතැයිද කීය.

මෝටාර් උණ්ඩය පුපුරායෑමෙන් තුවාල ලැබූ මව සහ දියණියගේ අත් සහ පාද බරපතල ලෙස තුවාල සිදුවී ඇති අතර ඔවුන් දෙදෙනා චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යාපනය මහරෝහල වෙත මාරුකොට යැවූ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING