25 Jul
25Jul

පසුගිය යුද සමයේ වන්නි ප්‍රදේශයේ පමණක්‌ 20,000 කට අධික පිරිසක්‌ අතුරුදන් වී ඇති බව ද්‍රවිඩ සන්ධානය එක්‌සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානි ජෙෆ්රි පෙල්ට්‌මන් වෙත පැමිණිලි කර ඇත.

මේ අතුරුදන්වූවන්ගෙන් වැඩි දෙනා කොටි ක්‍රියාකාරීන් නොවන බවද දන්වා ඇති අතර ජෙෆ්රි පෙල්ට්‌මන් සහ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක්‌ අතර පැවැති සාකච්ඡාවේදී මේ පැමිණිල්ල කර තිබේ.

රජය ජීනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට උනන්දුවක්‌ නොදක්‌වන බවත් ආණ්‌ඩුව දේශපාලන ක්‍රීඩාවක යෙදී සිටින බවත් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

පැයකට අධික කාලයක්‌ තිස්‌සේ පැවැති සාකච්ඡාවේදී සම්බන්ධන් පවසා ඇත්තේ රජයේ ක්‍රියාමාර්ග ගැන සතුටුදායක තත්ත්වයක්‌ නැති බවයි.

මෙහිදී ජීනීsවා යෝජනාව ප්‍රකාර හයිබ්‍රිඩ් අධිකරණය ස්‌ථාපිත කිරීම ගැනද සම්බන්ධන් සඳහන් කර ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING