31 Jul
31Jul

යාපනය ප්‍රදේශයේදී තිබී සොයාගත් පුපුරන ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ මගින් සිය භාරයට ගෙන තිබෙනවා.මෙලෙස සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය අතර ක්ලේමෝ බෝම්බ 14, මෝටාර් උණ්ඩ 02ක් හා පීඩන බෝම්බ 02 ක් හමුව තිබේ.යාපනය ප්‍රදේශයේ හින්දු කොවිලක් අසල පිහිටි පාළු ළිඳක් පවිත්‍ර කරමින් සිටි ප්‍රදේශවාසීන් පිරිසක් මුලින්ම මෙම යුද උපකරණ දැක නාවික හමුදාව වෙත දැනුම් දී තිබේ. පසුව නාවික හමුදාව හා පොලීසියේ මැදිහත් වීමෙන් එම පුපුරන ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත.අදාළ පුපුරන ද්‍රව්‍ය හා යුද උපකරණ කල් ඉකුත්වූ තත්ත්වයේ තිබූ අතර නාවික හමුදාව විසින් ඒවා නිෂ්ක්‍රීය කර විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා. යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යයි.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING