27 Jun
27Jun

යාපනය මණිපායි ප්‍රදේශයේදී යතුරුපැදි කිහිපයකින් තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් පුදගලයකු කපා කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

පහර කෑමෙන් තුවාල සිදුවී ඇත්තේ යාපනය මණිපායි ඉනුවිල්හි පදිංචි 26 හැවිරිදි ඇන්ටනීපිල්ලෙ ඩිනරෙක්ෂණ් නැමති මේසන් බාස්වරයෙකි.

මේ වන විට කැපුම් තුවාල ලත් පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එසේ පහර දුන් පිරිස් නාදුනන බවටත් එම පිරිස් කළු රෙදි වලින් මුහුණ වසා පැමිණි බවත් යතුරුපැදි වල අංක තහඩුද ඉවත් කොට තිබූ බවත් තුවාල වූ පුද්ගලයා විසින් පොලීසියට පවසා  ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING