30 Jul
30Jul

යාපනය කෝපායි නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකුට යතුරුපැදි කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහර දෙනු ලැබ ඇතැයි  කෝපායී පොලිසිය පවසයි.

තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා කෝපායි ප්‍රදේශයේ පැමිණිළි විභාග කිරීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදි 4 කින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දෙනු ලැබ ඇත.

පොලිස් නිලධාරීන් දෙදෙනා හදීසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවට පොලීසිය පවසයි.

පහරදුන් පිරිස් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර එම පිරිස් සොයා විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව කෝපායි පොලීසිය කියයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING