05 Dec
05Dec

යාපනය,මීසාලෙයි ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ(04) රාත‍්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් කපා දමා ඇති බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.

චාවකච්චේරි පොලීිසිය පැවසූවේ ඊයේ(04) රාත‍්‍රියේ 8.00 ට පමණ අදාළ පහරදීම සිදුව ඇති අතර,පහරකෑමෙන් කැපුම් තුවාල ලැබු තරුණයෙකු යාපනය චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා පළාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය පැවසීය.

යාපනය නගරයේ ස්ථාන කිහිපයක පසුගිය සමය පුරා කපා දැමීම් වාර්තා වු අතර,අදාළ පහරදීම් ආවා කල්ලිය විසින් සිදුකොට තිබිණ.

ආවා කල්ලිය මර්දනය වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා පොලිස් නිළධාරීන් විශේෂ මෙහෙයුම් දියත් කොට පවති.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING