25 Jul
25Jul

යාපනය  නල්ලුර් ප්‍රදේශයේදි  වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන  සැකකරු මිට  මොහොතකට පෙර   ඔහුගේ ඥාතී සොහොයුරෙක් සමඟ පැමිණ යාපනය මුලස්ථාන පොලිසිය වෙත බාර වු බව පොලිසිය කියයි.


සෙල්වරාජා ජෙයන්තන් නැමති මෙම සැකකරු 1996 වසරේ සිට 1998 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරී පුද්ගලයකු වශයෙන් කටයුතු කර ඇතැයි අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ වැඩිමල් සොහොයුරා සහ සැකකරුගේ එක් බිරිඳක් විසින් පවසා ඇත.


මෙම සැකකරු 1999 වසරේ කයිට්ස් අල්ලපිට්ටි මාන්කුම්බාන් ප්‍රදේශයේදී විවාහ වී ඇති බවත් ගැහැණු දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි.


2009 වසරේදී එම කාන්තාව හැර ගොස් යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ තවත් කාන්තාවක් විවාහ කරගන්නා අතරම එම කාන්තවට දාව ගැහැණු දරුවන් සිව් දෙනෙකු ද සිටිති.


සැකකරු රැකියාව වශයෙන් යාපනයේ සිට කූරිකට්ටුවාන් ජැටිය දක්වා පෞද්ගලික බස් සේවාවක රියදුරෙකු වශයෙන් කටයුතු කොට ඇති අතර පවුලේ තිබූ ත්‍රී රෝද රථයක්ද පදවා ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING