28 Jun
28Jun

විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව අයිලිය රජයේ රක්ෂිතයට යාබද රජය සතු වන ප්‍රදේශයක් ජාවාරම්කරැවන් පිරිසක් රහසිගතව එළි පෙහෙළි කර ගිනි තබා ඉඩම් අත්පත් කර ගැනිමේ කූට ජාවාරමක නිරත වෙමින් තිබෙන බව අනාවරණය විය.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සැතපුම් කිපයක් දුරකින් පිහිටි අයිලිය රක්ෂිතය සුවිශේෂී පරිසර පද්ධතියකින් සමන්විත වන උයනක් වන අතර වන සතුන් රැසකගේ වාසස්ථානයක්ද වී තිබුණි.

කෙසේ නමුත් ප්‍රාදේශීය දේශපාලනඥයින් කිප දෙනෙකුගේ උදව් ඇතිව රහසිගතව ක්‍රියාත්මක වන මේ ඉඩම් අත්පත් කර ගැනිමේ ජාවාරම හේතුවෙන් මේ වනවිට අයිලිය රක්ෂිතය දැඩි විනාශයකට ලක්ව ඇත.

ජාවාරම්කරුවන්  මේ වන විටත් වනය තුළ  ඇති පළු ,විර , කොහොඹ , සහ අනිකුත් දැවැන්ත සහ කුඩා ගස් රැසක් වනය තුළම කපා දමා දැව තොග ලෙස රැගෙන ගොස් පසුව වනය එළි පෙහෙළි කර ගිනි තබා වනසා තිබුණේය.

මෙම දැවැන්ත පරිසර හානියට දේශපාලඥයින් කිප දෙනෙකුගේ  මෙන්ම රාජ්‍ය නිළධාරින් කිප දෙනෙකුගේද ආධාර උපකාර රහසිගතව ලැබෙන බව ජනතාව පවසයි.

අයිලිය රක්ෂීතයේ රජයේ ඉඩම් අක්කර 2500 කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඉඩම් ජාවාරම්කරුවන් මෙම වනය වැනසීමට අවස්ථා ගනනාවකදි උත්සහ කළත් එය වැළකි ගියේ දිගින් දිගටම සිදුවෙමින් තිබු හානිය එකලද මාධ්‍ය මඟින් හෙළි කිරිම හේතුවෙන්ය.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING