05 Nov
05Nov

ලංකා ඛණිත තෙල් නීතිගත සංස්ථාව විසින් ගොඩබෑම ප‍්‍රතික්‍ෂෙප කරන ලද ,(ප‍්‍රමිතියෙන් තොර වීම) ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන්වන ලද තෙල් නැව මේ වන විට ත‍්‍රිකුණාමලය වරාය ආසන්නේ නැංගුරම් ලා ඇතැයි තෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමය කියයි.සංගමයේ කැදවුම්කරු බන්දුල සමන් කුමාර පවසන්නේ ත‍්‍රිකුණාමලය වරායයෙන් ගෙන එන ඉන්ධන පරීක්‍ෂා කිරීමේ අයිතියක් තෙල් සංස්ථාවට නැති බවයි.මේ තත්වය මත ඉන්දීය තෙල් සමාග විසින් ත‍්‍රිකුණාමලය වරාය හරහා බාල තෙල් ලංකාවට ගොඩ බෑමේ දැඩි අවදානමක් ඇති බවද ඔහු සදහන් කරයි.ප‍්‍රතික්‍ෂෙප වූ තෙල් තොගය වෙනුවට වෙනත් තෙල් තොගයක් මේ වන තෙක් ඉන්දීය තෙල් සමාගම විසින් ආනයනය කර නැති අතර ප‍්‍රතික්‍ෂෙප වූ තෙල් තොගය ගන්නා ලෙස දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවටද වාර්තා වෙයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING