09 Aug
09Aug

2015/2016 වර්ෂවලදී රජයට රුපියල් මිලියන 10,000කට අධික අලාභයක් කර ඇති බව හෙලි වීම සම්බන්ධව

ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා ත්‍රී පුද්ගල කමිටුවක් පත් කර ඔවුන්ගේ නිරීක්ෂණ හා නිර්දේශ  ලබාගෙන තිබියදී 2016.9.21 දිගැති ලිපියක් මගින් අදාළ ලිපිගොනු විමර්ශනය තහනම් කර රේගු අධ්‍යක්ෂවරයා අදාළ අංශ වෙත නියෝගයක් නිකුත් කර ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

රවි කරුණානායක මහතා 2015/2016 කාලයේ මුදල් ඇමැතිවරයා ලෙස රේගුවේ ඇති ප්‍රාඩෝ සහ සුපිරි මෝටර් රථ නිදහස් කිරීමට අවස්ථා 03කදී එකට එකක් නොගැළපෙන නියෝග ලබා දී ඇති බවද ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි. පළමු නියෝගයේදී මෙම වාහන සඳහා මිලියන 3.2ක් අය කර ගැනීමට නියෝග කර ඇති බවද පසුව රුපියල් ලක්ෂ 16ක් අය කර ගැනීමටද නියෝග කර තිබේ. තුන්වන නියෝගයෙන් උපදෙස් දී ඇත්තේ ඇ.ඩො. 30,000ට වැඩි වාහනවලින් පමණක් බදු අය කර ගත යුතු බවය.

මෙම සිද්ධියෙන් රජයට පාඩු වී ඇති මුදල් අය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවද ඒකාබද්ධ විපක්ෂය බොරැල්‍ලේ වජිග්‍රාම විහාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන (පා.ම) මහතා මේ කරුණු අනාවරණය කළේය.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING