04 Aug
04Aug

කොළඹ සිට යාපනයට ගිය සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ කණ්‌ඩායමක්‌ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් පැය පහක්‌ තිස්‌සේ ප්‍රශ්න කර ඇත.මේ අතර උතුරු පළාත් සභාවට නොදන්වා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය තමන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන සිවාජිලිංගම් උතුරු මහ ඇමැති වෙත පැමිණිල්ලක්‌ ද කර ඇත.

මෙහිදී සිවාජිලිංගම් පවසා ඇත්තේ වන්නි මෙහෙයුම කොටි සංවිධානයට සහ මුළු ද්‍රවිඩ ජනතාවට එරෙහිව දියත් වූ යුද්ධයක්‌ බවයි.

එසේම ශ්‍රී ලංකාවේ සියලුම ජනාධිපතිවරුන් යුද අපරාධවලට වගකිව යුතු බව ද සිවාජිලිංගම් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශ කර ඇත.

යාපනය පොලිසියේදී සිවාජිලිංගම්, පසුපතිපිල්ලේ සහ ත්‍යාගරාජා නමැති පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් රහස්‌ පොලිසිය ප්‍රශ්න කර තිබේ.




Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING