13 Jul
13Jul

යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දුෂණ සම්බන්දයෙන් සොයා බැලීමට පත්කල දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමටකැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී තිබේ. එම කාර්යාලය සඳහා මේ වන විට ලැබී ඇති පැමිණිලි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සහ පොලිස්පතිට යොමු කිරීමට ද  කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දීර්ග ලෙස සාකච්ජාවී ඇති අතර අවසානයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට කැබිනට් මණ්ඩලය පොදුවේ එකඟත්වය පළ කර තිබේ.

අදාළ ලේකම් කාර්යාලය පිහිටුවා ඇත්තේ 2015 වසරේ පෙබරවාරි මස 19 වැනිදායි. ඉකුත් ජූනි 30 වැනිදායින් එහි කාලය අවසන් වන විට ඊට ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 1147ක්. මහා පරිමාණ දූෂණවලට අදාළ පැමිණි 480ක් ද ඊට අයත්. ඉන් 258 ක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා. එහෙත් මේ දක්වා අධි චෝදනා ගොනුකර ඇත්තේ පැමිණිලි 14කට පමණයි.





Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING