24 Jul
24Jul

පසුගිය රජය මගින් ඉදිකිරීමට යෝජනා කළ සුප්‍රකට හයට් හෝටලය ඉදිකිරීම අත්හිටුවා එය පෞද්ගලික ආයෝජකයකුට විකුණා දමන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

හෝටලය දැනට අඩක් නිමකර ඇති අතර ඉතිරි කටයුතු නිමකිරීම සඳහා තවත් රුපියල් කෝටි 2000 (බිලියන 20) පමණ අවශ්‍ය වන බැවින් ඒ සඳහා රාජ්‍ය මුදල් තවදුරටත් යෙදවිය නොහැකි බව මේ ගැන රජයට කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක්ම යෝජනා කර තිබේ. රජයේ ආර්ථික කවුන්සිලයේද අනුමැතිය ඇතිව හයට් හෝටලය සඳහා පෞද්ගලික ආයෝජකයකු තෝරාගැනීමට අවශ්‍ය පියවර ළඟදීම ගනු ඇතැයි දැනගන්නට තිබේ.

කොළඹ ඉදිකෙරෙන හයට් හෝටලය කාමර 580කින් සමන්විතය. මේ සඳහා මුලින් මුදල් ආයෝජනය කළේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථ සාධක අරමුදලයි. හෝටලය ඉදිකිරීම සඳහා මුලින් ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් කෝටි 2800කි. (බිලියන 28). එහෙත් දැන් එය රුපියල් කෝටි 4300 (බිලියන 43) දක්වා වැඩි වී ඇතැයි දැනගන්නට තිබේ.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING