28 Dec
28Dec

ශ්‍රී ලංකා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන රාජ්‍ය භාෂා ප්‍රවීණතා II මට්‌ටම.... දෙමළ කෘතියේ ශ්‍රී ලංකාව යන්න හඳුන්වා ඇත්තේ ඊළාම් ලෙසිනි.
ශ්‍රී ලංකාව යන වචනය දෙමළෙන් ප්‍රකාශ වන්නේ ඉලන්කෙයි ලෙසය. නමුත් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවම ප්‍රකාශයට පත්කරන මෙම ග්‍රන්ථයේ ශ්‍රී ලංකාව පදය දෙමළෙන් ඊළාම් ලෙසින් දක්‌වා තිබීම ගැන මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ විමතිය පළ කරති.

මෙය ඊළාම් වචනය නීතිගත කිරීමට උත්සාහයක්‌දැයි ඔවුහු ප්‍රකාශ කරති.

මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ මහාචාර්ය එස්‌. ෙ-. යෝගරාජා විසිනි. ඔහු කැලණිය වාග් විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකි.

මෙම ග්‍රන්ථයේ ලංකාව “ඊළාම්” ලෙසින් හඳුන්වා තිබීම ගැන වැඩ බලන රාජ්‍ය භාෂා කොමසාරිස්‌වරියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ මේ ගැන සොයා බලන බවයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING